BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

ලෙජන්ඩ්ස් සහ වත්මන් ක්‍රිකට් කණ්ඩායම අතර T -20 තරගයක් අප්‍රේල් මාසයේදී තරගය නැරඹීමටත් අවස්ථාව

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත් වීමට අදහස් කරගෙන ඇති මෙම 20-20 තරඟයෙන් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා වූ අරමුදලට බැර කිරීමට  ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලබන මාසයේදී මෙරටට පැමිණීමෙන් පසු මෙම තරගය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කර ඇත.

මෙය තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදහස් කර ඇති අතර එහි සමස්ත ධාරිතාවයෙන් සීයයට 50ක් සදහා තරගය නැරඹීමට අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ.

මෙම තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වය දසුන් ශානක දරනු ඇති අතර, ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. බොහෝ විට ඒ තිලකරත්න ඩිල්ශාන් වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button