BREAKING NEWSEXCLUSIVE

“සාවද්‍ය ප්‍රචාර ගැන නීතිමය පියවර ගෙන අවසන්” – PMD

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා.

ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පලවීම මෙයට හේතුව වී තිබෙනවා.

එමෙන්ම ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම්වරයා ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්ති ජනාධිපති ලේකම්වරයා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒමේ නිවේදනය පහතින්…..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button