සජින් ද වාස්ට එරෙහිවත් නීතිය තිතටම – මන්ත්රීවරයෙක් ලෙස වසර පහකින් කෝටි තිහක් උපයලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන පසුගියදා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ එළඹෙන 12 වෙනිදා දක්වායි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙමින් තිබියදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පසුගියදා එම නියෝගය කළේය.
සජින් ද වාස් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන අතර, ඔහුට විවිධ දූෂණ වංචා එල්ල වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ වසර 05 ක කාලයක් තුළදී රුපියල් තිස්කෝටි හැටදෙලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.
වංචා දූෂණ චෝදනා පවතින ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරාතිරම නොබලා දැඩිව කටයුතු කරන්නැයි ජනපතිවරයා සහ අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනා බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.