එජාපෙ හිටපු ඇමතිවරු 14ක් නිල නිවාස බලෙන් අල්ලාගෙන – නීතිමය ක්‍රියාමාර්ග සුදානම්

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේ තනතුරු දැරූ හිටපු ඇමැතිවරුන් 14 දෙනකු තමන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.
එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා. හිටපු ඇමැතිවරුන් ලිඛිතව එම ඉල්ලීම කර ඇති බවත් කිසිසේත් එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් වහාම නිල නිවාස භාරදීමට කටයුතු කරන ලෙසත් එසේ නෙකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා හිටපු ඇමැතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මේ වනතෙක් නිල නිවාස භාරදීමට කටයුතු නොකළ ඇමැතිවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවසර ඉල්ලා කථානායක කරු ජයසූරියට ලිපියක්ද යොමු කර තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් පසු නිල නිවාසවලින් ඉවත් වීම සඳහා තෙමසක කාලයක් සියලුම හිටපු ඇමැතිවරුන්ට රජයෙන් ලබාදී තිබුණා.