BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෑස් ප්‍රශ්නය අවසන් – සදුදා සිට යළි ලාෆ් ගෑස් වෙළදපොළට..

ලබන සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය.

මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මාබිම පිහිටි ලාෆ්ස් ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button