සිංහල ජාතිකත්වය ලේ වලින්ම එන උගත් බුද්ධිමත් තරුණයෙක් මිල්කෝ සභාපතිධූරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මිල්කෝ සමාගමෙහි සභාපතිධුරය සඳහා ලසන්ත වික්‍රමසිංහ පත් කර තිබේ.
ලසන්ත වික්‍රමසිංහ ක්ෂේත්රයන් කිහිපයක අධ්‍යාපන පසුබිමක් ඇති විශේෂ හැකියාවන්ගෙන් පරිපූර්ණ පුද්ගලයෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ විශේෂ උපාධිය ලබා ඇති ඔහු, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ යන ක්ෂේත්රයන්හි ශාස්ත්‍රපති උපාධි දෙකක්ද ලබා ඇත.
එමෙන්ම මේ වන විට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර උපාධියද (ජාත්‍යන්තර වෙළඳ) හදාරමින් සිටියි.
2015 සිට මේ දක්වා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරන ලසන්ත වික්‍රමසිංහ, ආරම්භයේ සිටම යුතුකම සංවාද කවයහි ලේකම්වරයා ද වේ.
ඉන්දියානු එක්ටා ගිවිසුමට එරෙහිව මෙරට වෘත්තිකයන් පසුගිය සමයේ නිරත වූ අරගලයට නායකත්වය දුන් ලසන්ත වික්‍රමසිංහ, සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටිනා තරුණයෙකි.
One Comment