BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඔච්චර දන්නවා නම් මේ තත්වයත් එක්ක බඩු මිල අඩු කරන හැටි පෙන්වන්න – ලසන්ත අලගියවන්න

සීනි සඳහා අයකළ බද්ද අඩු කිරීමට කටයුතු කළේ ජනතාවට සහන ලබාදීමේ අරමුණින් වුවද එම අරමුණ ඉටු නොවූ බවත්, යම් පිරිසක් බදු අඩු කිරීම හරහා අයුතු ලාභයක් උපයා ගත් බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

කෙසේ නමුත් රුපියල් 200 ඉක්මවා තිබූ සීනි මිල රජයේ මැදිහත්වීමෙන් 122 දක්වා අඩුකර ඇති බවත් ඇමතිවරයා පවසනවා.වත්මන් ආණ්ඩුව යනු සියල්ල දත් පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් නොවන බැවින් අඩුපාඩු සිදුවිය හැකි බවයි හදිසි නීති රෙගුලාසිවලට අදාල ප්‍රකාශන පිළිබඳව අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් අලගියවන්න මහතා සඳහන් කලේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා විපක්ෂයට වැඩපිළිවෙලක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා. එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් වුවහොත් එ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි .බඩුමිල ඉහළ ගොස් ඇති බව ආණ්ඩුව පිළිගන්නා බවත්, මිල පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button