BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

එක්වරකදී ලැබෙන වැඩිම කොරෝනා එන්නත් තොගය හෙට දිවයිනට

වරකදී මෙරටට ලැබෙන වැඩිම එන්නත් තොගය හෙට දිවයිනට ලැබෙන අතර, එය, සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සකින් සමන්විතයි.

ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ එම එන්නත් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකක් දැනටමත් බීජිං නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු අය සඳහා ද එන්නත්කරණය අද ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෆාරි ජීප් රථ සේවකයන්ට ප්‍රමුඛතාව ලබාදෙමින්. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග එක්ව සිටියා.

මෙරට එන්නත්කරණ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබාගැනීමට මුදල් අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

ආසියානු පැසිෆික් එන්නත ප්‍රවේශ පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට සැළසුම් කර ඇති ඩොලර් මිලියන 150 ක ණය මුදල, එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු කටයුතුවලට යොදා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ ණය ගිවිසුමට මහා භාණ්ඩාගාර ලේකම් ලේකම් එස්.ආර්. ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් අත්සන් තැබූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button