BREAKING NEWSEXCLUSIVE

අද සිට දේශීයව සිමෙන්ති..

නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී විවෘත කෙරුණා.

ආයෝජන මණ්ඩලය ව්‍යාපෘතියක් ලෙස අක්කර 63 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂික ව සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන
4 ක් නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂිතය.

මුළුමනින් ම ස්වයංක්‍රියකරණය කරන ලද fully automated stacker reclaimer yard ඇතුළුව ගබඩා කාර්යක්ෂමව,අපතේ නොයන පරිදි තිරසර අන්දමින් බාගත හැකි bridge type ship unloaders වැනි නවීන තාක්ෂණික අංග රැසකින් මෙම කර්මාන්තශාලාව සමන්විත වනවා.

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා පනවන ලද සිමෙන්ති ආනයන තහනම හේතුවෙන් උද්ගත වී ඇති සිමෙන්ති හිඟයට පිළියමක් ලෙස දේශීය ඉදිකිරීම්කරුවන් සවිබලගැන්වීමේ සහ මෙරටට විදේශ විනිමය ලබා දෙමින් ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමේ ආයෝජනයක් බවට මෙය පත්වනු ඇති බව ආයෝජකයින්ගේ විශ්වාසයයි.

උත්සව සභාවෙන් අනතුරුව ආරාධිත අමුත්තෝ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වූවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක,නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය,සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සමුපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්. චන්ද්‍රසේන,ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී.චානක සහ සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button