BREAKING NEWSEXCLUSIVE

චීනයේ වූහාන්හි සිරවී සිටිනා ලාංකික සිසුන් අද රාත්‍රියේ ඉවත් කර ගනියි?

කොරෝනා වෛරසය හේතුවෙන් දැඩිව පීඩාවට ලක්ව තිබෙනා චීනයේ වූහාන් නගරයේ සිරව සිටිනා ශ්‍රී ලංකා සිසුන් අද (31) එම නගරයෙන් ඉවත් කර ගන්නා බවට සිසුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

වූහාන් නගරයේ සිරවී සිටි සිසුන් අයත් රටවල් විසින් වූහාන් වෙත විශේෂ ගුවන් යානා යොමුකරමින් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවද ගුවන් යානයක් වූහාන් නගරයට ගොඩ බැස්සවීම වෙනුවෙන් චීනයෙන් අවසර ඉල්ලා තිබුණි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම චීන රජය විසින් කඩිනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වූහාන් හි සිටින ශ්‍රී ලංකා සිසුන් 33 දෙනා සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් සිටින බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය ලබා ගනිමින් නගර බලධාරීන් සමඟ සහයෝගයෙන් අවශ්‍ය සහය ලබා දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button