BREAKING NEWSEXCLUSIVE
ශ්රී ලංකා ටෙලිකොම් විනාශ කළ සිරිසේනගේ බාල සොහොයුරා තනතුරින් දොට්ට දමයි

2015 ජනවාරි මාසයේ සිට ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිරි සිරිසේන සිය තනතුරින් ඉවත් වී තිබේ. ඒ ජනාධිපති ලේකම්වරයාගේ සෘජු උපදෙස් පරිදියි.
එවකට ජනපති මෛත්රීපාල සිරිසෙනගේ බාල සොහොයුරා වූ කුමාරසිරි සිරිසේන සිය මාසික වැටුප ලක්ෂ විස්සක් දක්වා වැඩිකර ගැනීමද කතාබහට ලක්වුනා.
මේ අනුව නව රජය පත්වූ පසු කුමාරසිරි සිරිසේනට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දන්වා තිබූ අතර ඒ අනුව කුමාරසිරි සිරිසේන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබේ.