BREAKING NEWSEXCLUSIVE

සංශෝධන සහිතව කොතලාවල පනත ඉදිරියේදී නැවත පාර්ලිමේන්තුවට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉදිරියේදී නැවතත් පාර්ලි‌මේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

එය මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේම පිරිසකගේ ඉල්ලීමත් මත බවයි ඒ මහතා කියාසිටියේ.

අද පෙරවරුවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියා.
“කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කියන්නේ පෞද්ගලික අංශයේ ආයතනයක් නෙමෙයි. ඒක රජයේ ආයතනයක්. රජයේ ආයතනයට අදාල මෙතෙක් කල් ක්‍රියාත්මක වෙච්ච අණපනත් කිහිපයක් තිබෙනවා. ඒ අණපනත් කිහිපයේම තිබෙන වගන්ති එක පනතකට ගෙන ඒම තමයි සිදු කරලා තිබෙන්නේ. එක පනතකට ගෙන ඒම මගින් තමයි මේ සංවාදය සාකච්ඡාව මතු වෙලා තිබෙන්නේ.”
“අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් පාර්ශ්වයන් ගේ ඉල්ලීම මත එම පනත සම්මත කිරීම වළකනු ලැබුවා. ඉදිරි දිනකදී එම පනත සම්මත කිරීමට නැවත පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීමට නියමිතයි. ඊට පෙර පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡා කරලා සුදුසු සංශෝධන සහිතව තමයි එම පනත නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. KDU කියලා කියන්නේ රජයේ ආයතනයක්. පෞද්ගලික ආයතනයක් විදිහට ඒක දිහා බලන එක වැරදියි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button