BREAKING NEWSEXCLUSIVE
කොරෝනා ආසාදිත වී ඇතැයි සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිදාගේ තත්ත්වය සුව අතට

කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිදාගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළා.
දරුවාගේ කේට සහ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර දෙමාපියන් ද මේ වනවිට රෝහලේ විශේෂ ප්රතිකාර ඒකකයේ දෛනික නිරීක්ෂණය යටතේ පසුවන බවයි ඔහු කියා සිටියේ.
පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට ශ්රී ලංකාවට පැමිණි මෙම බිළිදා සහ ඔහුගේ දෙමව්පියන් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැක මත ඒ පිළිබදව පරික්ෂණ සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් වුණා.