BREAKING NEWS
කිරින්දේ ගැටුමට පොලිසියේ 4ක ගේ වැඩ තහනම්

පසුගියදා හක්මන, කිරින්ද ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව එම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සඳහන් කර සිටිනවා.
පසුගිය සිකුරාදා රාත්රියේදී ඇතිවූ මෙම ගැටුම්කාරී සිද්ධියේදී වැඩතහනමට ලක්වූ පොලිස් නිලධාරීන් සිව්දෙනා සිය රාජකාරී වගකීම් පැහැර හැර ඇති බවට සිදුකළ මුලික විමර්ශනයේදී හෙළිවී ඇති බවයි ඔහු සඳහන් කලේ.
හක්මන පොලිසියේ සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩතහනමට ලක් කර තිබෙනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් සිදුකිරීමට මේ වන විට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වේ.