BREAKING NEWSGOSSIP NEWSVIRAL NEWS

යහපාලනය විනාශ කළ කැළණියේ පෙරහැරට අගමැති මහින්දගෙන් උපරිම රාජ්‍ය අනුග‍්‍රහය.!

ඓතිහාසික කැළණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ජනවාරි මාසයේ 6, 7, 8 හා 9 යන දිනවල පැවැත්වෙන ඓතිහාසික දුරුතු පෙරහැර අලි ඇතුන්, කලා හා සංස්කෘතික අංගයන් එක්කරමින් දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ශනය දිනා ගන්නා අයුරින් පැවැත්විය යුතු බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් මෙහිදී පැවසීය.

නව රජය බලයට පත්වූ වහාම කැළණිය රජමහා විහාරයේ දුරුතු පෙරහැර සාර්ථකව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන සහයෝගය පිළිබඳව දායක සභාවේ ස්තුතිය හිමිවන බවද කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රජයක් වශයෙන් කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහර සාර්ථකව පැවැත්වීමට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව පැවසීය.

එමෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේද දායකත්වය නොඅඩුව ලබාදෙන ලෙස එම අවස්ථාවට එක්වූ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, දුලිප් විජේසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්තුරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දායක සභාවේ සාමාජිකයන් එක්විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button