GOSSIP NEWSVIRAL NEWS

කැළණියේ CCTV ගැලවූ පිරිසෙන් හතරක් රිමාන්ඩ්, 25කගේ ශිෂ්‍යභාවය අහෝසියි – කැමරා නැවතත් සවිකෙරේ

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ සීසීටීවී කැමරා ගලවා විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ යැයි හඳුනා ගත් සිසුන් 25 දෙනෙකුට වසර දෙකක් සඳහා ශිෂ්‍ය භාවය අහෝසි කර තිබේ.

ඒ අනුව පාලනාධිකාරිය විසින් එකී සිසුනට අදාල කාලය තුළදී විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත.

තවද ඒ සඳහා නායකත්වය දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරනා කොබෙයිතුඩුව සමිත භික්ෂුවගේ ඇතුළු සිසුන් හතර දෙනකු එළඹෙන මාර්තු 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද දිනයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම සීසීටීවී කැමරා පද්ධතිය නැවතත් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත. එතෙක් කැලණි විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ද තීරණය කර ඇත.

දැනට සරසවි භූමියේ සිටින සියලු සිසුන් හෙට පෙරවරු 8.00 ට පෙර එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button