BREAKING NEWSEXCLUSIVE

ජීවිත 3ක් බිලිගත් ගින්නේ මුල පෙම් ආරවුලක් ???

අද (24) උදෑසන 05.30ට පමණ කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇතිවන අවස්ථාවේ නිවසේ මව, 71 වැනි වියේ පසු වූ පියා සහ 30 හැවිරිදි දියණිය රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ නිවසට පැමිණ සිටි තරුණයෙකුද ගින්නට හසුව තිබුණි.

ගින්නෙන් පියා, දියණිය සහ අදාළ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පොලීසිය පැවසුවේ මහනුවර ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණත් ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ වනවිට අනාවරණ වී ඇත්තේ මියගිය තරුණිය සහ නිවසට පැමිණ සිටි පිටස්තර තරුණයා අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවය.
එම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කිරීමත් සමග වරින් වර ඔවුන් අතර ඇතිවූ ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිද ඉදිරිපත් වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති අතර තරුණයා විසින් ගිනි තැබීම සිදුකළේ ද, එසෙත් නැත්නම් වෙනත් හේතුවක් නිසා ගින්න හටගත්තේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button