BREAKING NEWSEXCLUSIVE
එජාප නව නායකයා ලෙසින් කරූ ජයසූරිය පත්වේ

එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරමින් එහි සභාපතිධූරය වත්මන් කථානායක කරු ජයසූරියට ලබා දීමට යෝජනා වී තිබෙන බව වාර්තා වේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී මෙම තීරණය ලබා ගෙන තිබෙන බවද වාර්තා වේ
මේ අනුව ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීමද කරු ජයසූරිය වෙත පැවරීමටද තීන්දු කර තිබෙන බව වාර්තා වේ.
මෙම යෝජනා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇත. එජාප වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම ලඟදීම සිදුවන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.