කථානායක කරූ ස්වාධීන රෙද්ද ලිහා බලය පෙන්වයි – නායකත්වයෙන් ඉවත් වෙන්න රනිල් දින දෙකක් කල් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය සිය ස්වාධීනභාවය අතහැර එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට සුදානම් බව අප මින්පෙර වාර්තා කළා.
මේ අනුව කථානායකවරයා හා එජාප නායක රනිල් වික්රමසිංහ අතර සාකච්ජාවක් පැවැත්වී තිබූ අතර එහිදී නායකත්වයෙන් ඉවත් වන ලෙස කථානායක කරූ ජයසූරිය රනිල් වික්රමසිංහට ප්රකාශ කර තිබෙන බව වාර්තා වේ.
පාර්ලිමේන්තු කථානායකවරයා එජාප නායක රනිල් වික්රමසිංහට එහිදී පෙන්වා දී ඇත්තේ ඉකුත් වතාවේ මන්ත්රීවරුන් 63 දෙනකුෙගේ අත්සන් සහිත ලිපියක් තමන් වෙත ලැබුණු බවත්, මේ තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වනු ඇති බවයි.
එම නිසා වහාම නායකත්වයෙන් ඉවත් වී තමන්ට නායකත්වය ලබා දෙන ලෙසත්, තමන් සිය අත්දැකීම් හා කථානායක බලතල භාවිතා කරමින් එජාප අර්බුධය විසඳන බව ප්රකාශ කර තිබේ.
එහිදී රනිල් වික්රමසිංහට පක්ෂයේ විශේෂ තනතුරක් ලබා දීමට සූදානම් බවත්, තමන් යටතේ රනිල් වික්රමසිංහට හෝ ඔහුට හිතවත් මන්ත්රීවරුන්ට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බවට සහතිකයක් ලබා දීමටත් කටයුතු කොට තිබෙනවා.
කෙසේවෙතත් මෙහිදී රනිල් වික්රමසිංහ මන්ත්රීවරයා කථානායකවරයාට ප්රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දීම සදහා තමන්ට දින 2ක් ලබා දෙන ලෙසයි.