BREAKING NEWSEXCLUSIVE

“කුමන වරද කළත් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේදි ප්‍රවේශමෙන්” උන් වෙනුවෙන් උන්ම නීති සාදා උන්ම සම්මත කර ගනිති

මෙරට පාලන තන්ත්‍රය නියෝජනය කරනා බලයන් තුනක් තිබේ. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි. ව්‍යවස්ථාදායකය යනු පාර්ලිමේන්තුව වන අතර නීතින් සැකසීම සහ සම්මත කිරීම ව්‍යවස්ථාදායකයේ කාර්යයි.

බොහෝ විට සිදුවන්නේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නීති සාදනවාට වඩා මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සමාජිකයන් 225 දෙනා තමන් වෙනුවෙන් හා සිය අයිතිවාසිකම් වෙනුවෙන් නීතින් සැකසීමය.

එවැනි ක්‍රියාවක් ඊයේ දිනයේද පාර්ලිමේන්තුවේදි සිදුවී තිබේ. ඒ කථානායක කරූ ජයසූරියගේ මූලිකත්වයෙනි.

මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව පාර්ලිමේන්තුව විසින් ඊයේ පෙරවරුවේ පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එහිදී කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නමුත්, ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් මන්ත්‍රීවරු පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.

වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදි ඔවුන්ගේ තරාතිරම සළකා විශේෂ වරප්‍රසාද ලබා දීම වන අතර එය මෙරට නිතීය ක්‍රියාත්මක වන්නේ සමාන්‍ය ජනතාව වෙනුවෙන් පමණක් බවට සමාන්‍ය ජනතාව අතර පවතින විශ්වාසය තවත් තහවුරු කරවන්නකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button