ENTERTAINMENTGOSSIP NEWSINTERNATIONAL NEWSVIRAL NEWSWEST
කරීනා කපූර්ටත් කොවිඩ්…

රංගන ශිල්පිනී කරීනා කපූර් ඛාන්, කරන් ජොහාර්ගේ මුම්බායි නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමෙන් පසු දිගින් දිගම පැවති උණ සහ කැස්ස හේතුවෙන් කළ පරික්ෂාවකදී කොවිඩ් ධනාත්මක බව ඔප්පු වී තිබෙනවා.
ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ බොලිවුඩ් රාත්‍රී භෝජන සංග්‍රහ දෙකකට ඇය සහභාගී වී ඇති බවත්ර, ජයේ නීති රීති උල්ලන්ගනය කරමින් මේවා පැවැත්වී ඇති බවයි.
කරීනා කපූර් ඛාන්, ඇගේ මිතුරියක් වන අම්රිතා අරෝරා සහ “ද ෆැබුලස් ලයිව්ස් ඔෆ් බොලිවුඩ් වයිෆ්ස්” චිත්‍රපටියේ ඈ සමග රගපෑ තරු දෙදෙනෙකු වන සීමා ඛාන් සහ මහීප් කපූර් හටත් රෝගය වැලදී ඇති බව සදහන්.
මේ වනවිට කරීනාගේ නිවස මුද්‍රා තබා ඇති අතර අනෙක් නිළියන්ගේද කරන්ගේද නිවාස මුද්‍රා තැබීමට නියමිතයි. වාර්තාවලට අනුව මෙය නව ප්‍රබේදයක් බවත් තරමක අසනීප තත්වය උත්සන්න බවත් පැවසෙනවා.. සියල්ල නිලනොලත් වාර්තා ලෙසයි මාද්‍ය පවසන්නේ.