BREAKING NEWS

කරාපිටියේ ස්නායු වාට්ටුව තාවකාලිකව වසා දැමේ!

කොරියාවේ සිට පැමින නිරෝධායනයට ලක්ව නිවසට ගිය අකුරැස්සේ තරුණයා තම පියා අසනීප වූ අවස්ථාවේ දී සියපියා සමග මුළින්ම ගොස් තිබෙන්නේ අකුරැස්ස රෝහලට, ඉන් පසු මාතර මහ රෝහලට, ඔහුගේ පියාගේ නහරයක ලේ කැටියක් හිරවී තිබීම නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර එවා තිබෙනවා. නිරෝධායනය වෙලා රජයෙන් සහතිකයක් පවා ගත්තු මේ තරුණයාද පියා සමග එක්ක කරාපිිටිය ශික්ෂණ රෝහලේ 37 වැනි වාට්ටුවේ පියාගේ උදව්වට නැවතී සිට ඇත. නමුත් අද මේ තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ මොහොතේ පටන් කරාපිටිය රෝහලේ 37 වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති අතර, ඔහුගේ පියා සහපියා සමග ඊයේ සිටි තවත් පුද්ගලයෙද පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.ඒ අතරම මෙම වාට්ටුවේ සිටි රෝගීන් හා වෛද්‍ය කාර්‍ය මණ්ඩලයද නිරෝධනයට යොමු කිරීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතිනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button