කොරෝනා කරලක් ගැන කියමින් රටක් රැවටූ කරාපිටියේ දොස්තර ගෙදර යවයි..!

කරාපිටිය කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත් බෙහෙත් කරලක් නිෂ්පාදනය කොට අලෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කොට තිබෙනවා.
ඒබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා විසින් තහවුරු කලා. වැඩ ත හනමට අදාළ එකී ලිපිය මේ වනවිට කරාපිටිය රෝහලට හා අදාළ වෛද්‍යවරයාට යවා ඇතැයිද ඔහු ප්‍රකාශ සදහන් කර සිටියා.
ඒ අනුව, මෙසේ වැඩ ත හනමට ලක් කරනු ලැබුවේ “උදාර සම්පත් ගුණවර්ධන” නැමැති වෛද්‍යවරයායි. එම වෛද්‍යවරයාගේ වැඩ ත හනම් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අවසර ලැබී ඇතැයිද හෙතෙම කියා සිටියා.
කිසිම පර්යේෂණ ක්‍රමවේදයකින් තොරව සකස් කළ කිසියම් සංයෝගයක් “උම්මලකඩ සම්බල් හා තුනපහ වර්ග අලෙවි කිරීම” සඳහා ලබාදුන් තත්ත්ව සහතිකයක් භාවිතා කරමින් අලුත්ගම ප්‍රදේශයේ ඇඹරුම් හලකදී නිපදවා අලෙවි කිරීම, මෙම වෛද්‍යවරයාට එ’රෙහිව නැගූ චෝ දනාව වුනා.
ඔහු විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පවත්වමින් කොරෝනා ම’රණ පිළිබඳව අ’සත්‍ය ප්‍රචාර සිදුකිරීම මෙන්ම, තමන් නිපදවා ඇති ඖෂධය නිසා කොරෝනා ම රණ සංඛ්‍යාව අඩු වූ බව පැවසීම පිළිබඳවද ඔහුට එ රෙහිව චෝ’දනා එල්ල කර තිබුනා.
එම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පැවැත්වූ වි’නය පරීක්ෂණ වලින් පසු ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව වෛද්‍ය විජේසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.