INTERNATIONAL NEWSWEST

ඇමෙරිකානු උප ජනාධිපතිධූර තරගයට ඉතිහාසයේ මුල්ම වරය දකුණු ආසියානු සම්භවයක් සහිත කාන්තාවක්

ඇමෙරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් තිබෙනවා.

මේ අනුව කමලා හැරිස් එරට ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු කාන්තාව වනවා.

එමෙන්ම එරට ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ පළමු කළු ජාතික කාන්තාව ලෙසද 55 හැවිරිදි කමලා හැරිස් ඉතිහාස ගත වනවා.

ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත කමලා හැරිස් පළමුව ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළා. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවයි.

එම සටනේදි කමලා හැරිස් විසින් ජෝ බයිඩන් දැඩි ලෙස විවේචනය කිරීමද විශේෂත්වයකි. එහිදි කමලා හැරිස් ජෝ බයිඩන් හැදීන්වූයේ “මහලු ජාතිවාදියා’ ලෙසය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ පිරිසිදු ඇමෙරිකානුවෙක් එරට උප ජනාධිපති විය යුතු බවයි. මයික් ෆෙන්ස් ඔහුගේ උප ජනාධිපති අපේක්ෂකයායි.

සබැඳි පුවත් :

ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවන්ගෙන් ඇමෙරිකාවම ගිනි ගොඩක් වෙයි – පොලීසි ගිනිබත් වේ, කඩසාප්පු මංකොල්ල කයි, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button