BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි..

කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති බව වාර්තා වනවා.

රෝහල සතුව පවතින්නේ ඔක්සිජන් සිලින්ඩර් 80 ක් පමණක් වන බවත් දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150 ක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳව දැනුම්දී ඇති අතර ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍යතාව මැයි 15 වැනිදා වනවිට සපුරා දීමට එකගවී ඇති බවද සඳහන්.

රෝහල් ගතකරන කොවිඩ් රෝගීන් සියලු දෙනාම හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පසුවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110 ත් මේ වන විට පිරී ගොස් ඇති අතර දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8 ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button