BREAKING NEWSEXCLUSIVE

සීනි බද්දෙන් ජවිපෙ කෝටි පනහක මුදලක් ඉල්ලයි – මුදල් ඉල්ලා හදුන්නෙත්ති අධිකරණයට

මෙරටට සීනි ආනයනය කිරීමේදි අය කළ බද්ධ රජය විසින් අඩු කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඒ රජය විසින් සීනි බදු අඩු කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට චෝදනා කරමින්. නව කොරෝනා වෛරසය සමග ඇති වූ ආර්ථික තත්ත්වයත් සමග මෙරට සීනි මිල ඉහළ ගිය අතර සීනි හිඟයක් ඇති වීම වළක්වා මිල පාලනය කිරීමට රජය මෙලෙසට ආනයනික සීනි සඳහා අය කරන බද්ධ අඩු කිරීමට තීරණය කළා.

සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙලෙසට ආනයනික බද්ධ අඩු කරමින් සීනි මිල පාලනය කිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවයි.

එම නිසා තමන්ට කෝටි පනහක වන්දියක් ගෙවන ලෙසට සුනිල් හඳුන්නෙත්ති අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button