GOSSIP NEWSVIRAL NEWS

ජවිපෙ සජිත්ට සහාය දීම අලුත්ම උපක්‍රමයකින් – ජයම්පති, ලාල් කපුකම කරයි.!

පසුගිය සමය පුරාම එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගීව දේශපාලනයේ නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ නව සන්ධානයකින් ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වුනා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි මෙවරත් ජවිපෙ විසින් ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දීමට තීරණය කර තිබෙන අතර ඒ සදහා නවමු උපක්‍රමයක් ඔවුන් විසින් භාවිතා කරන බවද වාර්තා වේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න හා එජාපයේ සිවිල් සංවිධාන හසුරුවන ලාල් විජේනායක නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ, ජාතික ජන බලවේගයේ ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට සහය පළ කිරිමට තීරණය කර ඇත.

ජවිපෙ නායක අනුර දිසානායකගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු කල බව පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ලාල් විජේනායක පවසනවා.

මෙම මැතිවරණයේදී අනුර දිසානායකට ඡන්දය දී දෙවන මනාපය ගෝටාභයට විරුද්දව ශක්තිමත් අපේක්‍ෂකයාට ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික්‍රමරත්න පවසනවා.

මේ අනුව අනුර කුමාර දිසානායක ජනපතිවරණයට ඉදිරිපත් වීමෙන් එජාපයට අහිමි වූ යම්කිසි ඡන්ද පදනමක් වේ නම් එය නැවතත් එජාපයටම හැරවීම මෙම සැලසුමේ අරමුණයි.

ජයම්පති වික්‍රමරත්න හා ලාල් විජේනායක කලක පටන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටි අතර 2010දී ජවිපෙ හා එජාපය අතර දේශපාලන මිතුරුකම ඇතිකිරීමටත් සක්‍රීයව මැදිහත් වූ සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙකි.

Check Also : ගෝඨා – මහින්ද – බැසිල් ඇතුලු පොහොට්ටු ප්‍රබලයන් ජනපති හමුවෙයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button