ආර්ථිකය බිඳ වට්ටා ගෝඨා පැරදවීමට සුදානම් – ප්‍රධාන සමාගම් පහක ජවිපෙ වෘත්තීය සමිති අරඹයි

ආණ්ඩු විරෝධි සටන ජනතා විමුක්ති පෙරමුණ විසින් නව ජවයකින් අරඹා තිබෙන බව එම පක්ෂයට අදාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
සුපුරුදු වීදි සටන්, මාධ්‍ය හමු වෙනුවට ජවිපෙ මෙවර රජය අපහසුතාවයට පත් කිරීම වඩාත් උපක්‍රමශීලිව සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල සවියක් වන, ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගම් පහක සිය වෘත්තීය සමිති ඇරඹීමට ජවිපෙ සුදානම් වනවා.
මෙහිදී ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ රටේ ආර්ථිකයට සුවිශාලම දායකත්වය ලබා දෙන අදාල පෞද්ගලික සමාගම් වැඩ වර්ජන මාර්ගයෙන් අඩපණ කර මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් බිඳ වැට්ටවීමයි.
එහිදී එල්ල වන ආර්ථික අවපාතයෙන් සිදුවන ජනතා පීඩනය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනයේ කළමණාකරණ අඩුවක් බව පෙන්වීම මෙහි අවසන් ප්රතිඵලයි.
ජවිපෙ මෙම නව ආණ්ඩු විරෝධී ක්රමෝපායට එම පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් ඉහළ පැසසුම් හිමිව තිබෙනා බවත් සඳහන්.
ලියනකොට අපකෂපාති ආඛ්‍යානයක් යොදාගනින් චිචී