BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජවිපෙ යළිත් දෙකඩ වෙයි- විජේවීර පුත් උවිදු විජේවීරගෙන් අලුත් පක්ෂයක්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මේ දින වල දෙවැනි ජනතා විමුක්තිපෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ.

මේ වන විට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඩී වෙන්වී ගිය සාමාජීකයන් සහ 71 මහ නඩුවේදී රෝහණ විජේවීරසමග විරසක වූ එවකට ජවිපේ ප්‍රබල සාමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතවී සිටින බවයිවාර්තා වන්නේ.

සදහා ප්‍රවේශ වීමට රට පුරා විසිරී සිටින 71 අරගලයට සහභගී වූ සාමාජිකයන්ගේ දුවා දරුවන්ගේ එකතුවෙන්දෙවැනි පරපුරනමැති සංවිධානයක් ගොඩනගාගෙන ඇති අතර ඉකුත් කාලය පුරා ක්‍රියාත්මක වී ඇති එමසංවිධානය තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් භාෂා පන්ති පහක් පැවැත්විම, සංවිධානය ආර්ථික අතින් සවිමත්කිරීම සඳහා කාබනික වගා ගොවිපළ ඇතිකිරීම වැනි සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජවිපෙ 71 අරගලයට පනස් වසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් මස විරු සැමරුමේදී සඳහා එක්වූ සියලුසාමාජිකයන් අගයමින් අප්‍රේල් 04 වැනිදා විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම හා 71විරුවන්ගේ නිල වෙබ්පිටුවක් අන්තර්ජාලයට මුදාහැරීමටද උවිඳු විජේවීර මේ වනවිට සූදානම්වන බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button