BREAKING NEWSEXCLUSIVE

විනිසුරු ධම්මික හේමපාල ඉදිරියේ රංජන් කාලෝ ෆොන්සේකා සමග එක්වී තමන්ගේ නඩුව තමන්ම අසාගත් හැටි.!

තමන්ට එරෙහිව අධිකරණයේ පවතින අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවක් පිළිබඳ රංජන් රාමනායක බද්දේගම දිසා විනිසුරු ධම්මික හේමපාල සමග සිදුකරන සංවාදයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මෙම අවස්තාවට මහාචාර්ය කාලෝ ෆොන්සේකාද සහභාගී වන ආකාරය දැක්වේ.

බොහෝ විට එම නඩුවේදි රංජන් රාමනායක වරදකරු නොකරනු ඇති බවත් ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කරන ලෙසත් විනිසුරු ධම්මික හේමපාල මෙහිදී රංජන්ට උපදෙස් ලබා දෙන අයුරු දැක්වෙයි.

තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් අධිකරණයෙන් තමන්ට අසාධාරණයක් වූ අය සිටී නම් අමතන ලෙස සඳහන් දැන්වීමක් පුවත්පතක පළකර එවිට ලැබෙන තොරතුරු පදනම් කරගෙන තමන් මහජන නියෝජිතයකු ලෙස පෙර කී අදහස ප්‍රකාශ කළ බවත් සඳහන් කරන්න යැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද රංජන් රාමනායක මෙහිදී පවසයි.

එසේම අඩියක් හෝ පසුපසට නොගන්නා ලෙසත් රංජන් පවසා ඇත්තේ ඇත්ත බවත් ඔහු සිරගත කළහොත් තමන් නිදහස් කරගන්නා බවත් පැවසූ බව රංජන් හෙළි කරයි.

කඩුවෙල අධිකරණය රාත්‍රී වන තුරු විවෘත තබමින් බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ආදීන් බන්ධනාගාරගත කළේ එවක කඩුවෙල විනිසුරු ලෙස කටයුතු කළ මෙම ධම්මික හේමපාලය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button