BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා…

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දදක්වා තිබෙනවා.

එම වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම ඊයේ (18) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රී ලංකාවට ලබාගැනීම මෑතකදී සිදුවුණා.

ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙන අතර, එම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව හිමිවනවා.

විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ආරම්භක පියවර යටතේ, සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවනවා.

ඒ අනුව සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button