BREAKING NEWSEXCLUSIVEPOLITICS

⁣පොලීසිය කටඋත්තර හා ඇඟිලි සලකුණු සටහන් කරගනී – ටයර් පෙල්ලු බීමත් ජ’පුර නවකවද ජේෂ්ඨයන්ට වැඩ වරදින ලකුණු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට සිදුවූ බරපතළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටු දෙකක් පත් කර ඇත. විශ්වවිද්‍යාල මට්ටමින් එක් කමිටුවක් ද කළමනාකරණ පීඨයෙන් තවත් කමිටුවක්ද මෙලෙස පත් කර තිබේ.

මේ අතර සිද්ධිය දුටු ජ්‍යෙෂ්ඨ සිසුවකුගෙන් ඊයේ (10 වැනිදා) ප්‍රකාශ ලබාගෙන ඇත. අනතුරට ලක්වීමෙන් පසු ශිෂ්‍යයා රෝහල්ගත කිරීම සඳහා යුහුසුළුව කටයුතු කර ඇත්තේ මෙම ශිෂ්‍යයායි. පොලිසිය ඊයේ (10 වැනිදා) විශ්වවිද්‍යාලයට පැමිණ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර ශිෂ්‍යයාගේ සිරුරේ ගැටුණු ටයරයේ ඇඟිලි සලකුණුද ලබාගෙන තිබේ.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාලයට පැමිණ උපකුලපති මහාචාර්ය ලියනගේ ඇතුළු පීඨාධිපතිවරුන් සමග ඊයේ (10 වැනිදා) පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර ඇත. අනතුරට ලක්වූ ශිෂ්‍යයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button