ENTERTAINMENT

ජය ශ්‍රී ලාට සින්දු 20ක් තහනම්

දෙස් විදෙස් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ජය ශ්‍රී” සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ජනප්‍රිය ගීත 20ක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනාට එරෙහිවයි මෙම වාරණ නියෝගය අද (17) නිකුත් කරනු ලැබුවේ.

ඒ එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි අරුණ ලියනගේ විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුවයි.

පැමිණිලිකරු කියා සිටින්නේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවත් වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත්ය.

ඒ, අනුව ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මාන වශයෙන් ගායනා කිරීම වාරණය වනු ඇති.

එම වාරණ නියෝගය ලබන 31 දක්වා බලපැවැත්වෙන බවයි කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button