19 සාදා රට අවුල් කළ ජයම්පති මන්ත්‍රීධූරයෙන් ඉවත් වේ – පවුල පිටින් ස්විට්සර්ලන්තයට පැන යයි ?

ආන්දෝලනාත්මක 19 වන වන ව්‍යවස්ථාව සකස් කිරීමේ පුරෝගාමියෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කථානායක කරු ජයසූරිය වෙත භාර දී ඇත. පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් පත්කර තිබේ.
ජයම්පති වික්‍රමරත්න, පාක්‍යසෝති සරවනමුත්තු, ලාල් විජේනායක ඇතුලු පිරිසක් විසින් සකස් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්යව්දස්ථාවේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමය දුර්වල කරමින් එහි බලය පාර්ලිමේන්තුව හරහා සුලු ජාතික පක්ෂ වලට ලබා දීමය.
පසුගිය සමයේ රටේ ඇතිවූ බොහෝ අර්බුධ වලට හේතු වූයේද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ල විය.
මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජයම්පති වික්‍රමරත්න තම පවුලේ සාමාජිකයන්ද ස්විට්සර්ලන්තයේ පදිංචියට ගොස් ඇතැයිද වාර්තා වෙයි