BREAKING NEWSEXCLUSIVE

19 සාදා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව අහිමි කළ එජාප මන්ත්‍රී ජයම්පතිත් ද්විත්ව පුරවැසියෙක්

ආන්දෝලනාත්මක 19 වන වන ව්‍යවස්ථාව සකස් කිරීමේ පුරෝගාමියෙකු වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදෙස් ගතව තිබේ. එහිදී ඔහු සිය පවුලත් සමගම පැන ගොස් ඇත්තේ ස්විට්සර්ලන්තයටයි.

ජයම්පති වික්‍රමරත්න, පාක්‍යසෝති සරවනමුත්තු, ලාල් විජේනායක ඇතුලු පිරිසක් විසින් සකස් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යව්දස්ථාවේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමය දුර්වල කරමින් එහි බලය පාර්ලිමේන්තුව හරහා සුලු ජාතික පක්ෂ වලට ලබා දීමය.

එහිදී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට තරග කිරීම වැළැක්වීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තරග කිරීම හෝ ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමටද නීති ගෙන ආවා.

කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව 2015 අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ජයම්පති වික්‍රමරත්න ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියෙක් බව වාර්තා වේ.

මෙලෙසට ජයම්පති වික්‍රමරත්න තමන්ම සෑදූ නීති කඩ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ රැඳී සිට තිබෙනා අතර එය නීතිවිරෝධි ක්‍රියාවකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button