BREAKING NEWS

ජයලත් මනෝරත්න ජීවන රඟමඩලෙන් සමු ගනියි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් මිය යන විට වයස අවුරුදු 71 ක්වන වියේ පසුවූවා.

ඒ මහතා කලක පටන් රෝගාතුර වී සිටි අතර බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී මෙලෙසට එතුමන් අභාවප්‍රාප්ත වී තිබේ, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සිය පාසල් දිවිය ඇරඹූ ජයලත් මනෝරත්නයන් ශිෂ්‍යත්ව විභාගය සමත්වී පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

පාසලේ නාට්‍ය ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ අස්ප ගුඩුං පාසල් වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළා.

ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් හමුවන අතර, සරසවියේ දෙවන වසරේදී සරත්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට තෝරාගනු ලැබුවා.

එතැන් සිට ජයලත් මනෝරත්නයන් වෙස්සන්තර, මහාසාර, කදා වළළු, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍යයවලට රංගනයෙන් දායකත්වය සපයනු ලැබුවා.

1979 වසරේදී විවාහ දිවියට එළඹුණු ජයලත් මනෝරත්නයන් දියණියකගේ සහ පුතෙකුගේ පියෙකු වනවා.

ජයලත් මනෝරත්න වේදිකාවේ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යය රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රවීන රංගන වේදියෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button