BREAKING NEWSEXCLUSIVE

මත්පැන් පානය කරමින් නවකයාගේ හිසට ටයරයක් දාලා – ජපුරේ නවකවද නරුමයන් තවත් ජීවිතයකට වග කියයි!

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවදය අතරතුර තුවාල ලබා රෝහල් ගත කරන සිසුවාගේ තත්ත්වය බරපතල වී තිබේ.

නවකවදයේ අංගයක් ලෙස ජ්‍යේෂ්ඨ සිසුන් විසින් තරප්පු පෙළක් දිගේ නවක සිසුන් ඉලක්ක කර පෙරලා දැමූ ටයරයක් ගැටී ඔහු රෝහල් ගත කර තිබුනා.

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන එම සිසුවා යන්ත්‍ර වලින් ඉවත් කළහොත් ඔහුගේ ජීවිතය අවසන් වීමේ අවදානමක්ද මතුව තිබේ.

පසුගිය පස්වෙනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය පහත මහලේ අනතුරට ලක්වූ පසිඳු හිරුෂාන් සමග ඔහුගේ මිතුරෙකු සිට ඇති අතර, ඉහළ මහලේ මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විශාල ප්‍රමාණයේ වාහන ටයරයක් පසිඳුගේ හිසට අතහැර තිබෙනවා.

එය හිසේ වැදී මුණින් අතට වැටුණ පසිඳුගේ හිස අසල තිබූ කණ්ඩියක වැදී හිස්කබල ඇතුළතින් පුපුරන තරමේ ආබාධයකට ලක්ව තිබේ. පසිඳුගේ සොහොයුරා කියා සිටින්නේ තම සොහොයුරාගේ ජීවිතය දැඩි අවදානමක ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම සිසුවාගේ සහෝදරයා පවසන්නේ මෙලෙසයි,

‘මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා පිළිකාවකින් නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ විභාගය උසස් විදිහට පාස්වෙලා ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ආවා. ඒත් මල්ලි අද ඉන්නේ ජීවත් වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති තැනක. හරි ළමයෙක් කරපු මේ වැඩේ නිසා මගේ මල්ලිගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙනවා’’

‘‘සීනියර්ස්ලා පැවිලියන් එක උඩ බිබී ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා. මල්ලිලා ඒක දීලා බෝඩිමට යන්න හදද්දි මල්ලිලාට සීනියර්ස්ලා ඉන්න කියලා. ඒකට බැහැ කියලා ආපු නිසා තමයි ටයර් එක උඩ ඉඳන් ඇඟට වදින්නම අතෑරල තියෙන්නේ’’

‘‘එතැන හිටපු මල්ලිගේ යාළුවෙක් කිව්වා ඔළුව වැදුණ ගමන් මල්ලි එක සැරයක් නැගිටලා අනේ මගේ ඔළුව රිදෙනවා කියලා සිහිය නැතුව වැටුණා කියලා. එවෙලේ ඉඳන් තාම සිහිය නැහැ. මල්ලි දැනට ඉන්නේ යන්ත්‍රවල ආධාරයෙන්. දොස්තරලා කියන්නේ මේ මැෂින් කවදා වෙනතුරු අවශ්‍ය වේවිද දන්නෙ නැහැ කියලා. මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ තත්ත්වයට මල්ලි අනිවාර්යයෙන්ම පත්වෙනවා කියලා’’

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක පසිඳු බාලයා වන අතර වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියකි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු වනවා.පසිඳුගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරාට සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි.

ජ්‍යේෂ්ඨ සිසුන්ගේ බලපෑම මත නවක සිසුන්ද මෙවැන්නක් සිදු නෝවි ලෙසට ප්‍රකාශ කරමින් සිටින බවද වැඩිදුරටත් ඔහු සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button