BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ස්විස් දේවගැතිගේ යාපනයේ දේවමෙහෙයට ආ 07කට කොරෝනා – තවත් 200ක් සැගවිලා!

කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.

අදාල රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා වූ බවටත් එම රෝගීන් 07 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවේය.

යාපනයෙන් වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වී ඇත.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button