BREAKING NEWSEXCLUSIVE
සිසුවියන්ගෙන් නිරුවත් ඡායාරූප ඉල්ලා නවකවදය දුන් විශ්වවිද්‍යාල සිසුවාගේ නිවසට ප්‍රහාරයක්

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමට නවකවදය දීමේ සිද්ධියට සම්බන්ධ වී, පන්ති තහනමකට ලක්ව සිටින සිසුවෙකුට පසුගිය 11 වැනිදා රාත්‍රී 10.30ට පමණ කිසියම් පිරිසක විසින් නිවසටම පැමිණ පහර දී තිබේ.
මෙම පහර දීම සඳහා සිවුදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් නිවසේ දොර ජනෙල් වීදුරුවලටද අලාභ හානි කර තිබේ.
යාපනයේ මනීපායි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණි පිරිසක් සිසුවාට නිවසින් එළියට පැමිණෙන ලෙස කතා කොට ඔහු පැමිණීමත් සමගම පහර දී මෙම පිරිස පලා ගොස් තිබේ.
පහර කෑමට ලක් වූ සිසුවා රාත්‍රියේම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.