රනිල් – මෛත්‍රීගේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දින දෙකෙන් මඩ වගුරක් වේ

පසුගිය දින ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මුල්වී විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඩ වගුරක් බවට පත්ව ඇත.
මේ දිනවල උතුරු පළාතට ඇති වී තිබෙන අධික වැසි තත්ත්වයත් සමග යාපනය ගුවන්තොටුපළ මෙලෙසට මඩ වගුරක් බවට පත්ව තිබේ.
මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැදින්වුනු මෙම ගුවන්තොටුපළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය මෙහෙයුම් සඳහා භාවිතා කළා.
කෙසේ වෙතත් ඉන්දීය තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස මෙය නම් කර මෙහෙයුම් ඇරඹීමේ එකම අරමුණ යාපනය සහ කොළඹ අතර සබන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව අතර සම්බන්ධය ඇති කිරීම බව පැහැදිලිය.
යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කිරීමට අවශ්‍ය කිසිදු පරිසාදනයක් ලගා කර නොමැතිව තිබියදී, මාර්ග සංවර්ධන අධිකාරීයේ කපට් අතුරා තාවකාලික ගුවන් පථයක් සකසා ඉක්මණින් විවෘත කළේ අරමුණ මැතිවරණයට පෙර එය ලබා ගැනීමේ ඉන්දියාවේ උවමනාව මතය.
වර්ෂාවක් ඇද හැලුනු පමණින් ගුවන්තොටුපළ මඩ වගුරක සිරි ගෙන ඇත්තේ එලෙසට ජාත්‍යන්තර ගුවන්තොටුපළකට අවශ්‍ය ප්‍රමිතිය නොමැතිව මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙනි.
පසුගිය 17 වැනිදා මෙම ගුවන් තොටුපල විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
පසුගිය රජය විසින් මත්තල ඉදිකළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වී ගබඩාවක් ලෙස භාවිතා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් වන අතර ඔහුගේ ව්‍යාපෘතියක් වන යාපනය ගුවන්තොටුපළ විවෘත කර දින දෙකකින් දේශපාලන පළිගැනීමකින් තොරවම මඩ කුඹුරක් බවට පත් වීම දෛවයේ සරදමකි.