නවීකරණය කළ යාපනය ගුවන්තොටුපළට ඉන්දියාවෙන් පරීක්ෂණ චාරිකාවක්

පළාලි ගුවන්තොටුපළ නවීකරණය කරමින් එය යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කළ පුවත අප මින්පෙර වාර්තා කළා.
එලෙසින් නවීකරණය කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් ඔක්තෝබර් 17 පරීක්ෂණ චාරිකාවක යෙදෙන බව වාර්තා වේ.
එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේම ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිත බව එහි සඳහන් වේ.
මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැරුණු විට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මෙරට තෙවැනි ගුවන්තොටුපළ බවට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වනු ඇත.