අයි.ටී ක්ෂේත්රයේ යැයි පෙනී සිටිමින් වංචාකරුවෙකු රටම අන්දයි – මාධ්‍යවේදීන්ද රවටලා!

තොරතුරු තාක්ෂණවේදියෙකු යැයි හදුන්වා ගනිමින්, තමන් පමණක් සිටිනා සංගමයක් අටවා ගෙන විවිධ වංචා සිදු කරන පුද්ගලයෙකු පිළිබඳ අවදානය යොමුව තිබේ.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නැමැති මෙම පුද්ගලයා තමන් පමණක් සිටිනා ව්‍යාජ සංගමයක් (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය) ලෙසින් පෙනී සිටිමින් මාධ්‍ය ආයතන වලට ඊමේල් පණිවිඩ එවනු ලබයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ නොමැති, එම ක්ෂේත්රයේ කිසිඳු දැනුමක් හෝ අත්දැකීමක් නොමැති පුද්ගලයෙකි. ඔහු එවනා එම ඊමේල් පණිවිඩ වල දැක්වෙන්නේ වෙනත් පුද්ගලයන් විසින් ෆේස්බුක් ආදි සමාජජාලා වෙබ් අඩවියන්ට එක්කළ කරුණුමය.
නමුත් හාස්‍යයට කරුණ වන්නේ මෙම පුද්ගලයා එවනු ලබන ඊ මේල් පණිවිඩ පිළිගත් මාධ්‍ය විසින්ද කිසිඳු සෙවීමකින් තොරව පළ කිරීමය.
මෙම පුද්ගලයා කිසිඳු වගකීමක් නොමැති, තමන් විසින්ම සාදා ගත් සංවිධානයක නමක් භාවිතා කරමින් සමාජගත කරනා මෙම තොරතුරු කිසිදු සොයාබැලීමකින් තොරව සමාජගත කරනා මාධ්‍යයද සිදු කරන්නේ විශාල වරදකි.
මන්ද ඔහු විසින් එවන ඊමේල් පණිවිඩයන්ගේ දැක්වෙන පුවත් කිසිඳු විශ්වසනීයත්වයක් නොමැති පුවත් වීමත්, ඇතැම් අවස්තාවන්හි ඔහු හිතාමතාම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමත්ය.
ශ්‍රී ලංකාවේ යම්කිසි සුදුසුකම් නොමැති පුද්ගලයෙකු වෛද්‍යවරයෙකු ආදි වෘත්තිකයෙකු ලෙස පෙනී සිටියහොත් එය නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් දිය හැකි වරදකි.
නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයෙකු ලෙස පෙනීසිටිමින්, අසත්‍ය සමාජගත කරනා මෙවන් පුද්ගලයන් පිළිබඳ කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැටලුවකි.
වංචාව සිදු කරන රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ඔහු විසින් පෙනී සිටිනා ඊනියා තොරතුරු තාක්ෂණ සංගමය