BREAKING NEWSEXCLUSIVE

නිරෝධායනට විරුද්ධ ඉතාලි ගෘහ සේවිකාවන් සහ කොරියානු කම්කරුවන් නැවතත් හරවා යැවේ

නිරෝධානය කිරීම සඳහා දැනට නිර්දේශ කර ඇති දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධානය සදහා විරුද්ධ වන්නේ නම් ඔවුන් පැමිණි රටටම ආපසු පිටත් කර හැරීමට දැනුම් දී ඇති බව යුද හමුදාව පවසනවා.

ඊයේ දින ඉතාලියේ සිට පැමිණි එරට ගෘහ සේවිකාවන් වශයෙන් කටයුතු කළ කාන්තාවන් පිරිසක් සහ මින්පෙර දකුණු කොරියාවේ කම්කරුවන් ලෙස සේවය කළ පිරිසක් මෙලෙසට නිරෝධායනයට විරෝධතා දැක්වූවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අදාළ රටවල්වලින් පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධාන ක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය.

එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් රටක් ලෙස මෙයට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත යටතේ එම රෙගුලාසි කඩකරන්නන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය හැකි බවත් වරදකරු වුවහොත් මාස හයක් දක්වා සිරදඬුවම් දඩයක් නියම කළ හැකි බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button