ඉතාලියේ පළාත් 14ක් වසා දැමේ – ලක්ෂ 160ක් නිරෝධායනයට

ඉතාලියේ ලක්ෂ 160 ක ජනතාවක් නිරෝධායනයට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ලොම්බාර්ඩි ඇතුළු පළාත් 14ක කලාපයක් මෙයට අයත් වේ. මේ අනුව එළඹෙන අපේ‍්‍රල් මුල් සතිය දක්වාම මෙම පළාත් වසා දමා ප්‍රදේශවල ජනතාව සිය නිවෙස්වලටම සීමා කෙරෙනු ඇත.
නිරෝධායන නීති රීති මිලාන් හා වැනිසියට අදාළ වන බවත්, ඒ අනුව නිවසෙන් පැමිණෙන ඉතාලි වැසියන් අත්අඩංගුවට ගැනීමට නීති පනවා තිබේ.
යුරෝපයේ කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙනා අතර මුලිමනින්ම කොරෝනා වෛරසයට රට වන්නේ ඉතාලියයි. රෝගීන් ප්‍රමාණය වේගයෙන් ඉහළ යෑම නිසා මෙලෙස පළාත් 14 ක් වසා දැමීමට ඉතාලි රජය තීරණය කර තිබේ.
එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 230 ක් මරණයට පත්වී ඇති අතර සෙනසුරාදා වන විට එරටින් රෝගීන් 6000 ක් වාර්තා වී ඇත.
නිරෝධායන කාලසීමාව තුළ සියලූම පාසල්, අධ්‍යාපන ආයතන වසා දැමෙන අතර සියලූම ක්‍රීඩා තරගාවලි, ආගමික හා සංස්කෘතික උත්සව ආදිය පැවැත්වීම තහනම් කර ඇත. වසා දමා ඇති මෙම නගර වෙත හමුදාව කැඳවා තිබේ.