BREAKING NEWSEXCLUSIVE

රට ඇරියා කියල ලොකු වෙනසක් වෙන එකක් නැහැ – GMOA

ලොක්ඩවුන් කර තිබෙන මෙම කාල සීමාවේ ක්‍රියාත්මක නොවන්නේ පොදු ප්‍රවාහන සේවාව පමණක් වන හෙයින් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරගන්නේ නම් රට විවෘත කිරීමෙන් ලොකු වෙනසක් සිදුනොවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රට වසා තැබූ පමණින් රෝගීන් සංඛ්‍යා සැලකිය යුතු ලෙස අඩුවක් දකින්නට නැත්නම් දිගින් දිගටම රට වසා තැබීමේ තේරුමක් නැති බවයි. යථාර්තය එය බවයි ඔහු කියාසිටියේ.  කෙසේවෙතත් පැවති තත්ත්වයට අනුව මෙම වසා තැබීම තුළ රෝහල් පද්ධතියට යම් සහනයක් ලැබුණු අතර ආසාදිතව රෝහල්ගත වෙන ප්‍රමාණය සහ මරණවල අඩුවක් සිදුවූ බව නලින්ද හේරත් මහතා සඳහන් කරන ලදී.

රට විවෘත කිරීම සෞඛ්‍ය තීරණයක්ම පමණක් නොවන අතර තවත් පාර්ශව ඊට අදාළ වන හෙයින් එම සියලුම පාර්ශව විසින් එම තීරණය ගත යුතුව ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button