BREAKING NEWSEXCLUSIVEPOLITICS
රජ දවසින් පසුව පොළොන්නරුව ප්රතිනිර්මාණය කලේ මමයි – හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන

හෙළ රජ දවසින් පසුව පොළොන්නරුව ප්රතිනිර්මාණය කළේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බවට දැක්වෙන දැන්වීම් අද ජාතික පුවත්පත් සියල්ලේම පාහේ පළකර ඇත.
‘පොළොන්නරුවේ නිදහස් ගොවි සංවිධානය’ යන සංවිධානයේ වගකීමෙන් යුතුව එම දැන්වීම පුවත්පත්වල පළකර ඇත.
නමුත් ජාතික පුවත්පතකින් කළ විමසීමකදී එහි ප්රකාශකයෙකු කියා සිටියේ මෙම දැන්වීම් මෛත්රීපාල සිරිසේන මහතාගේ හිතවතකු විසින්ම පල කිරීම සදහා බාර දුන් බවයි.
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්රික්කය ඉලක්ක කර ගත් මැතිවරණ ප්රචාරක කටයුත්තක් ලෙස මෙය පෙනී යයි.