BREAKING NEWSEXCLUSIVEPOLITICS

යුගදනවි ගිවිසුම ගෙනාවේ බැසිල් නෙමෙයි ගෝඨාභය.. – ඇමති ලොකුගේ

යුගදනවි විදුලි බලාගාර අමෙරිකානු සමාගමකට පවරන ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නොව ජනාධිපතිවරයා විසින් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අද සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට තිබෙනවා.

මීට පෙර විපක්ෂය සහ ආණ්ඩුවේ පක්ෂ 11කින් සැදුම්ලත් කණ්ඩායම චෝදනා කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවටයි.

කෙසේවෙතත් අවසන් වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදීද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කොට තිබුණේ තමන්ද තවමත් ගිවිසුම දැක නැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button