BREAKING NEWSEXCLUSIVE

විශේෂ අවශ්‍යතා හෝ නිධන්ගත රෝගාබාධ සහිත දරුවන්ට එන්නත් ලබා ගැනීම තවත් පහසු කරයි..

වයස අවු. 12 -19 අතර විශේෂ අවශ්‍යතා හෝ නිධන්ගත රෝගාබාධ සහිත දරුවන්ට pfizer ( ෆයිසර්) එන්නත ඔන්ලයින් ‍ලියාපදිංචි වීම මගින් පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමයක් හදුන්වාදී තිබෙනවා..

ඒ සදහා e channelling වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වී පැමිණීමෙන් පෝලිමේ රැඳී සිටීමකින් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් එන්නත ලබා ගත හැකි බව වැඩිදුරටත් සදහන්.

සංකූලතා සහිත සහ විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබා දීම අද (27) සිට බස්නාහිර පළාතේ සියලූ රෝහල්වල ක්‍රියාත්මකයි.

නිධන්ගත රෝග ඇති ආබාධ සහිත වයස අවුරුදු 12 ත් 19ත් අතර දරුවන්ට රෝහල් වෙත යොමු කිරීමෙන් එන්නත් ලබා ගැනීමට හැකි වන අතර බස්නාහිර පළාත තුළ ඇති මහ රෝහල්, ශික්‍ෂණ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල්වලදී දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

මෙරට සෙසු පළාත්වලද කඩිනමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර එහෙයින් බස්නාහිර පළාතෙන් පිටත දරුවන් එන්නත් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ රෝහල් වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button