BREAKING NEWSEXCLUSIVE

බොහොමයක් ප්‍රදේශ වල ඩෙල්ටා රෝගීන් සිටිය හැකි බවට සැක

සියළු දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය සහිත කොරෝනා ආසාදිතයින් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු කියාසිටියේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් එවැනි ආසාදිතයින් බහුතරයක් හමුවී ඇති බවයි.

රෝග තත්ත්වය උත්සන්නවීම අවම කිරීමට වයස අවුරුදු 30 ට වැඩි සියල්ලන් කොරෝනා මර්දන එන්නත ලබාගැනීම සිදුකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට එකම මධ්‍යස්ථානයකදී මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනකදී ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button