BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන වලට ඇතුළුවීම තහනම්

හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා දන්වා තිබූ ආකාරයට ලබන සැප්තැම්බර් 15 වනදා සිට කොරෝනා මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන වලට ඇතුළුවීම තහනම් බව දැක්වුණි.

නමුත් මෙම ප්‍රකාශය සමග ශ්‍රී ලංකාවේ නීති ක්ෂෙත්‍රය එය ප්‍රශ්නයට නගන ලද්දේ ශ්‍රීලංකාවේ පොදු ස්ථානවලට ඇතුළුවීම ජනතාවට පවතින නිදහස පාලනය කිරීමට එවැනි බලයක් කිසිවෙකුට නැති බවයි.
කොරෝනා එන්නත් නොගැනීමට ඇතැමුන් තීරණය කර ඇති අතර එය පුද්ගලිකව මෙන්ම පොදුවේ සිදුකරන අයහපත් ක්‍රියාවක් වුවත් මේ ආකාරයේ නීතියක් පනවා පොදු ස්ථානවලට ඇතුළුවීමට කාඩ්පත අනිවාර්ය කළහොත් මානව හිමිකම් සම්බන්ධ නඩු රජයට එරෙහිව පැනවෙන්නට ඉඩ ඇති බවට අදහස් සාකච්ඡා විය.

ලෝකයේ බොහෝ රටවල එන්නත අනිවාර්ය කිරීමට ව්‍යවස්ථානුකූල නීති පනවා ඇතැයි වාර්තා නොවන අතර එන්නත ලබාගැනීමේ වැදගත්කම හා ඉල්ලීම් දැක්වෙන රූපවාහිනී වැඩසටහන් දැන්වීම් ආදී ප්‍රචාරණ ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක වේ. එන්නත නොගසන අය අත්අඩංගුවට ගන්නා බවට මීට මාස කිපයකට පෙර පිලිපීන රාජ්‍ය නායකයා කළ ප්‍රකාශයක්ද ආන්දෝලනයට තුඩුදී තිබුණි.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පනවා ඇත්තේ මාර්ගෝපදේශ මාලාවක් නැතහොත් ‘උපදෙස් මාලාවක්‘ බැවින් එය අනුගමනය නොකිරීම නීතියක් බවට හරවා ගැනීම විවාදයට තුඩු දෙන බවටද කරුණු මතුව තිබේ.

මීට ටික කලකට පෙර ටෙලි නාට්‍ය ශිල්පී පිරිසක් හා අනතුරුව ගුරු සංගමයේ පිරිස් නිරෝධායනයට ඈත පළාතකට ගෙනයාමද ‘අත්අඩංගුවට ගෙන රඳවා තැබීමක්‘ වෙනුවට ක්‍රියාත්මක වූ අනියම් නීතියක් බවට කරුණු සාකච්ඡා විය.

මෙම පසුබිම යටතේ අද දින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇතැම් මාර්ගෝපදේශ නීති බවට හරවා ගැසට් නිවේදන නිකුත් කිරීමට අදහස් කර ඇති බවයි. ලබන සඳුදා (16) එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරන බවද දන්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button